ලොව පළමු සම්පූර්ණ ඇස් බද්ධය සාර්ථක වෙයි - (PHOTOS)
Eye Problems
United States of America
By Sewvandhi
අමෙරිකාවේ නිව් යෝර්ක් රෝහලකදී පළමුවරට පුද්ගලයෙකු ට සම්පූර්ණ ඇසක් බද්ධ කිරීම සිදුකර තිබුණි.
අදාල සැත්කමට මුහුණ දී තිබුණේ ආරොන් ජේම්ස් නමැති 46 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සිය සේවා ස්ථානයේදී සිදුවූ අනතුරක් හේතුවෙන් ඔහුට වම් ඇස සහ මුහුණේ කොටසක් අහිමි වී තිබුණි.
පසුගිය මැයි මාසයේදී, NYU Langone Health රෝහලේදී ශල්‍ය වෛද්‍යවරුන් 140ක් එම සැත්කමට එක්වී ඇති අතර ඒ සඳහා පැය 21ක් ගතවිය.
එම සැත්කමින් ජේම්ස් ගේ සම්පූර්ණ වම් ඇස සහ මුහුණේ කොටස් බද්ධ කර තිබුණි.
එවැනි සැත්කමක් සිදුකර ඇත්තේ ඉතිහාසයේ පළමුවරට බව සී එන් එන් පුවත් සේවය වාර්තා කළේය.





