ශ්‍රී ලංකා ඉතිහාස පොත අලුත් කරමින් පළමු වරට ලංකාවට ආපු අය බලන්නකෝ..

Report

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට අයිස්ලන්තයෙන් සංචාරකයන් කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයට ඊයේ (05) උදෑසන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

සූකර උණ සම්බන්දව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර..

සූකර උණ සම්බන්දව නව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර..

මෙම සංචාරකයන් පිරිස 24 දෙනකුගෙන් සමන්විත අතර දින 14ක් ශ්‍රී ලංකාවේ සංචාරයෙහි නිරත වීමට නියමිතය. මෙම පිරිස පැය 24ක දීර්ඝ ගුවන් ගමනකින් පසුව ඊයේ (05) උදෑසන 08.33ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.

මෙහෙම ගියොත් කේක් කන්නත් වෙනමම රස්සාවක් කරන්න වෙන පාටක්...

මෙහෙම ගියොත් කේක් කන්නත් වෙනමම රස්සාවක් කරන්න වෙන පාටක්...

මෙම අයිස්ලන්ත සංචාරකයන් පිරිස කොළඹ, හබරණ, මහනුවර, සීගිරිය, දඹුල්ල, බෙන්තොට, ඇල්ල සහ යාල යන ප්‍රදේශවල සංචාරයෙහි නියැළීමට සැලසුම් කර තිබේ.

මෙම පිරිස හෙළ චාරිත්‍රානුකූලව උණුසුම් ලෙස ගුවන්තොටුපොළේදී පිළිගනු ලැබීය.