ඔලිම්පික් උලෙළේ පළමු ශ්‍රී ලාංකික නියෝජනය අද...

By Parami Dissanayake Jul 28, 2024 01:54 PM GMT
Report

අද (28) දිනයේ දී පැරිස් ඔලිම්පික් උලෙළේ පළමු ශ්‍රී ලංකා නියෝජනය ලෙස ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ තරග කළේය.

21 හැවිරිදි විරේන් නෙත්තසිංහ ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 72 වැනි ස්ථානයේ පසු වේ.

ඔහු අද පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වේ මූලික වටයේ තරගයකට සහභාගි වූ අතර, ඒ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානයේ පසුවන මැලේසියාවේ ලී ජී සියා සමගය.

ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාර...

ඊශ්‍රායලයෙන් ප්‍රතිප්‍රහාර...

තරගයේ පළමු වටය ලකුණු 21ට 14ක් ලෙස ජයගැනීමට මැලේසියා ක්‍රීඩකයා සමත් වූ අතර, දෙවන වටය ආරම්භයේදී ඉතා හොඳ තරගයක් ලබාදුන් විරේන් නෙත්තසිංහ දෙවන වටයේ මුල්භාගයේ පෙරමුණ ගැනීමට සමත් විය.

නමුත්, සමස්ත තරගය මැලේසියා ක්‍රීඩකයා ජයගත්තේ වට 2ට 0ක් ලෙසය.

මූලික වටයේ ජී කාණ්ඩය යටතේ විරේන් සහභාගී වන මීළඟ තරගය ස්පාඤ්ඤ ක්‍රීඩක ෆැබ්ලෝ ඒබියන් සමගින් පැවැත්වීමට නියමිත ය.