ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් හදිසි තීරණයක්.

Report

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් 2023 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ගිනිකෙළි සංදර්ශන තහනම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දිල්ලි සහ මුම්බායි හි පැවැත්වෙන තරඟවල මෙම ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් කර ඇති බවයි.

දිල්ලි හා මුම්බායි නගරවල වායු දුෂණය අවදානම් මට්ටමක පවතින බැවින් මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ. ෂා විසින් නිල ප්‍රකාශයක් සිදුකර ඇති බව සඳහන්.

ඒ අනුව දිල්ලි සහ මුම්බායි කේන්ද්‍ර කරගනිමින් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය යටතේ පැවැත්වෙන ඉදිරි තරඟ තුල දී ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම තහනම් වනවා.  


GalleryGallery