නාමල් රාජපක්ෂ සිටි නිල නිවසේ හදිසි ගින්නක්. - ඒක වෙලා තියෙන විදිහ බලන්නකෝ.

Janaka Wakkumbura Namal Rajapaksa Ceylon Electricity Board Fire
By Wayomi Oct 21, 2024 06:57 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ 7 මලලසේකර මාවතේ රජයේ මන්ත්‍රී නිල නිවසක ඇති වූ හදිසි ගින්න විනාඩි කිහිපයක් තුළදී නිවා දැමූ බව කුරුඳුවත්ත පොලිසිය සඳහන් කළා.

මීට මාස 8කට පමණ පෙර මෙම දෙමහල් නිල නිවස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පදිංචිව සිට ඇති අතර ඉන් අනතුරුව විදුලිය විසන්ධි කර ඇත.

හිටපු සෑම ජනාධිපතිවරයකුට හිමි කිසිවක් අහිමි නෑ සියලු පහසුකම් ලබා දිය යුතුය. - රජයෙන් නිවේදනයක්.

හිටපු සෑම ජනාධිපතිවරයකුට හිමි කිසිවක් අහිමි නෑ සියලු පහසුකම් ලබා දිය යුතුය. - රජයෙන් නිවේදනයක්.

කෙසේ වෙතත් දැනට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වකුඹුර වෙත වෙන්කර ඇති රජයේ නිල නිවාසය අලුත් වැඩියා කටයුතු සිදු කරමින් සිටියදී, විදුලි බල මණ්ඩලය මගින් විසන්ධි කර තිබූ විදුලිය නැවත ලබාදී පිට වී යාමෙන් අනතුරුව විනාඩි 30 කට පමණ පසු නිවසේ උඩු මහලේ වායු සමීකරණ යන්ත්‍රයකින් මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

එය ගිනි ගන්නා අයුරු නිවසේ පින්තාරු කටයුතු යෙදී සිටි පුද්ගලයෙකු දැක පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ දෙකක් පැමිණ ගින්න සම්පූර්ණයෙන් නිවා දමා පාලනය කිරීමට කටයුතු කර ඇත.

ඇති වූ ගින්නෙන් වායු සමීකරණ යන්ත්‍රයේ අභ්‍යන්තරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර වෙනත් කිසිදු දේපල හානියක් හෝ ජීවිත හානියක් සිදුව නැහැ. 

සියදිවි නසා ගන්න හිතෙද්දී මොළයට මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන හිටියද?

සියදිවි නසා ගන්න හිතෙද්දී මොළයට මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන හිටියද?