නවසීලන්තයේ හටගත් ගින්න.
By Madheeha_Naz
නවසීලන්තයේ නේවාසිකාගාරයක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නවසීලන්තයේ වෙලින්ටන් හීදි මහල් 04කින් යුත් නේවාසිකාගාරයක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන රථ 20ක් පමණ යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් අනාවරණය කළා.
එසේම ගොඩනැගිල්ලේ සිරවී සිටි පිරිසක් මුදාගෙන ඇති අතර එහි තවත් පිරිසක් සිරවී සිටිනු ඇති බවට සැක පළකරන බව එරට පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |