නමුණුකුල කඳු වැටියේ ගින්නක් අක්කර 50ක් දැවේ
නමුණුකුල කඳු වැටියට අයත් ස්ප්‍රිංවැලි මේමලේ කඳු රක්ෂිත කොටසේ දින දෙකක් තිස්සේ විශාල ගින්නක් පැතිර යමින් පවතින අතර මේ වන විටත් අක්කර පනහක පමණ විශාල ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී ගොස් ඇති බවත්, අද (29) උදෑසන වන විටත් ගින්න තවදුරටත් පැතිරෙමින් තිබෙන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.
ස්ප්‍රිංවැලි මේමලේ ප්‍රදේශයෙන් පටන් ගන්නා මේ කඳු රක්ෂිතයේ ගින්න හටගෙන ඇත්තේ ඊයේ (28) රාත්‍රී කිසියම් අයකු විසින් ගිනි තැබීමක් නිසාවෙන් බවයි වාර්තා වන්නේ.
මේ කඳු වැටිය අධික බෑවුම් සහිත වීම නිසා ගින්න ඇති ස්ථානයට මේ වනවිටත් ළඟා වීමට විශාල අපහසුතා ඇති වී තිබෙනවා. එම අපහසුතාව නිසා ගින්න නිවා දැමීමේ කටයුතු ප්‍රමාද වෙමින් තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
ගින්න පැතිර යෑම නිසා නමුණුකුල කඳු රක්ෂිතයේ තිබූ වටිනා දැව වර්ග, ඖෂධ පැළෑටි මෙන්ම දුර්ලභ ශාක රැසක් විනාශ වී ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. රක්ෂිතයේ සිටි වන සතුන් රැසක්ද මෙම ගින්නට හසු වී මිය යන්නට ඇති බවට සැක කරනවා.