කලක් තිස්සේ ගොඩ නැගු සියලු සැප මොහොතකින් අළු වුනු සැටි..
By Piyumika
වාද්දූව පොතුපිටියේ නිවසක් ගිනිගෙන ඇති බව වාද්දූව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ගින්නෙන් නිවස මුළුමනින්ම විනාශ වී ඇති බවය.
යාබද නිවසටද ගින්න පැතිර යමින් තිබූ අතර ප්රදේශවාසීන් එක්ව එය පාලනය කිරීමට සමත්ව තිබේ.
කෙසේ වෙතත් ගින්නෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බව පොලීසිය පැවසීය.
අදාළ නිවසේ කාන්තාවක් බුදු පහන දල්වා පිටව ගොස් ඇති අතර එය පෙරළී ගිනි ගන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධව වාද්දූව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
You may like this video