සිය ගණනක් නිවාස විනාශ වී ගිය ගින්න - 3,000කට නිවාස අහිමි වෙයි.. (විදෙස්)

By krishani Jul 17, 2023 05:37 AM GMT
Report

දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය නගරයේ ඇති වූ ගින්නකින් නිවාස සිය ගණනක් විනාශ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කෙනඩි පාරේ අවිධිමත් ජනාවාස හරහා ඇති වූ ගින්නෙන් එක් පුද්ගලයෙකු මිය ගිය බවයි.

එම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මත්පැන් පානය කර සිටි දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් මෙයට හේතු වූ බව ඇසින් දුටුවන් පවසයි.ගින්නෙන් මිනිසුන් 3,000කට පමණ නිවාස අහිමි වී තිබෙනවා.

කෙසේ වෙතත්, දකුණු අප්‍රිකානු රතු කුරුස සංවිධානය විසින් විපතට පත්වූවන්ට උණුසුම් ආහාර, මෙට්ට සහ බ්ලැන්කට් බෙදා හැර ඇති බව වාර්තා වේ.