ගොඩනැගිල්ලක ඇති වුණ ගින්නකින් එකම පවුලේ 05ක් ජිවිතයෙන් සමු ගනී - ගින්නට හේතුව ගැනත් මතුව ආ සැකය..

By krishani Nov 14, 2023 05:02 PM GMT
Report

මහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් එකම පවුලේ පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණ පුවතක් ලන්ඩන් නුවරින් වාර්තා වේ.

මෙම සිදුවීම සිදුව ඇත්තේ බටහිර ලන්ඩනයේ හවුන්ස්ලෝ ප්‍රදේශයේ දී ය.

රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් පිපිරවීම හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළ කරයි.

එම සිද්ධියෙන් තුවාල ලැබූ තවත් එක් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. 

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ එරට පොලිසිය විසින් සිදුකරනු ලබයි.