මූල්‍ය වංචා කළ විදෙස් ජාතිකයින්ට වැඩ වරදී

Report

අන්තර්ජලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමට අදාළව විදෙස් ජාතිකයින් 147 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 ඒ අනුව හලාවත ඉරණවිල පිහිටි හෝටලයක සිටියදී මෙම පිරිස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 133ක්, බංග්ලාදේශ ජාතිකයින් 13 සහ එක් වියෙට්නාම් ජාතිකයෙකුද සිටින බවයි .