මහා වැසි මැද මේසිගේ අවසන් පුහුණු සැසිය

Report

2026 FIFA පාපන්දු ලෝක කුසලාන අවසන් තරගයට පෙර අධික වැසි සහ කුණාටු තත්ත්වය නොතකා ලයනල් මෙසීගේ නායකත්වයෙන් ආර්ජන්ටිනා කණ්ඩායම අවසන් පුහුණු සැසිය පැවැත්වීය. ස්පාඤ්ඤ කණ්ඩායම එම කාලගුණික තත්ත්වය හේතුවෙන් එළිමහන් පුහුණුව අවලංගු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිව්යෝර්ක් සහ නිව් ජර්සි ප්‍රදේශයට බලපෑ දැඩි වැසි, ගිගුරුම් සහ විදුලි කෙටීම් හේතුවෙන් ආර්ජන්ටිනාවේ පුහුණු සැසිය මුලින් ප්‍රමාද විය.

කෙසේ වෙතත්, විදුලි කෙටීම් පහව ගිය පසු මෙසීගේ නායකත්වයෙන් කණ්ඩායම තෙත් පිටියට පිවිස අවසන් උපායමාර්ගික පුහුණුව සහ ශාරීරික අභ්‍යාස සම්පූර්ණ කළේය.

ගෝල වැස්සක් මැද 2026 FIFA ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය එංගලන්තයට

ගෝල වැස්සක් මැද 2026 FIFA ලෝක කුසලානයේ තෙවැනි ස්ථානය එංගලන්තයට

අනෙක් පසින් ස්පාඤ්ඤය ක්‍රීඩකයන්ට තුවාල හෝ අයහපත් කාලගුණයෙන් ඇතිවිය හැකි බලපෑම් වැළැක්වීම සඳහා එළිමහන් පුහුණුව අවලංගු කර ගෘහස්ථව රැඳී සිටීමට තීරණය කළ බව වාර්තා වේ.

වයස අවුරුදු 39ක් වන ලයනල් මෙසී තරගාවලියේ මෑත තරග සියල්ලේම සම්පූර්ණ කාලය ක්‍රීඩා කර ඇති අතර, අමතර කාලයට ගිය තරගවලද ක්‍රීඩා කර තිබේ. අවසන් තරගයට පෙර ඔහුගේ කැපවීම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ටද මානසික ශක්තියක් ලබාදෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර 2026 FIFA ලෝක කුසලාන අවසන් තරගය ඉරිදා මෙට්ලයිෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ද වාර්තා වේ.

ආර්ජන්ටිනාව ඉවත් කරන්නැයි මිලියන ගණනක ලොව පුරා පෙත්සමක්

ආර්ජන්ටිනාව ඉවත් කරන්නැයි මිලියන ගණනක ලොව පුරා පෙත්සමක්