බේරේ වැවේ සතුන් මිය ගියේ ඇයි?..
By Piyumika
කොළඹ බේර වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂාව අද (29) සිදුකරන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධනක නියොජිතායතනය හෙවත් නාරා ආයතනය පවසයි.
එහි පරිසර අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය ශ්‍යාමලී වීරසේකර මහත්මිය පැවසුවේ අදාළ පර්යේෂණවලදී එම ජලයේ ඔක්සිජන් ප්‍රමාණයේ විශාල අඩුවීමක් වාර්තා වී ඇති බවය.
මේ අතර කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ සිදුකළ පර්යේෂණවලින් අවසන් නිඟමනයකට එළැඹීමට තවත් පරීක්ෂණ කිහිපයක් සිදුකළ යුතු බවය
You may like this video