ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු ගැන කථානායකට ලිපියක්
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දිගින් දිගටම පවතින විනිසුරු පුරප්පාඩු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කථානායකවරයා වෙත ලිපියක් භාරදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළේය.
එම පුරප්පාඩු රජය විසින් කාලයක් තිස්සේ සම්පූර්ණ නොකිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් කිරීමේ උත්සාහයක් බවට බරපතළ සැකයක් මතුවන බවද ඔහු සඳහන් කළේය.
තවද, අධිකරණයේ ඉහළ මට්ටමේ පුරප්පාඩු දිගුකාලීනව පවත්වාගෙන යාම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට පටහැනි ක්‍රියාවක් වන අතර, එය නීතියේ ආධිපත්‍යයටද අහිතකර බලපෑම් ඇති කළ හැකි බව ඔහු අවධාරණය කළේය.
එබැවින් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය තුළ පවතින සියලු පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කරමින් විනිසුරුවරුන්ට වෘත්තීය සාධාරණත්වය සහ අධිකරණ පද්ධතියට අවශ්‍ය ස්ථාවරත්වය ලබාදීමට රජය වහා පියවර ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.