ලෝක කුසලාන පිටිය උඩු යටිකුරු වෙයි - තරගය තීව්‍ර කල Mbappé..!

Report

2022 ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගය මේ වනවිට පැවැත්වෙයි. ඒ ආජන්ටිනාව සහ ප්‍රංශය අතරය. 

 තරගයේ නියමිත කාලය අවසානයේදී දෙපිලම ගෝල 2 බැගින් වාර්තා කර සම තත්ත්වයේ පසුවිය. ඒ හේතුවෙන් අමතර විනාඩි 30ක කාලයක් ලබාදුනි.

තරගයේ පළමු අර්ධය නිමා වනවිට ආජන්ටිනාව ගෝල 2 - 0ක් ලෙස ඉදිරියෙන් සිටියේය. තරගයේ පළමු ගෝලය 23 වැනි විනාඩියේදී දඬුවම් පහරකින් රැස් කිරීමට ලියෝනල් මෙසී සමත් විය.

දෙවැනි ගෝලය 36 වැනි විනාඩියේදී ඩි මාරියා විසින් වාර්තා කළේය. කෙසේ වෙතත් තරගයේ 79 වැනි මිනිත්තුවේදී හා 82 වැනි මිනිත්තුවේදී ගෝල දෙකක් වාර්තාකිරීමට Kylian Mbappé සමත්වීමත් සමඟ තරගය නැවත වරක් තියුණු මුහුණුවරක් ගත්තේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now