අඳ ගොවීන්ට සහ කුඹුරු අයිතිකරුවන්ට පමණක් පොහොර සහනාධාරය
මින් ඉදිරියට කුඹුරු අයිතිකරුවන්ට සහ අඳ ගොවීන්ට පමණක් වී වගාව සඳහා පොහොර සහනාධාරය වශයෙන් රජය ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පියවර ගන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ. එම්. එච්. එල්. අබේරත්න ට උපදෙස් ලබා දී තිබෙනවා.
පොහොර සහනාධාර මුදල් ගොවි ගිණුම් වලට බැර කිරීමේ දී ඇතැම් කුඹුරු හිමියන් තම කුඹුරු වගා කරන ගොවීන් වගා කන්නයක් පාසා වෙනස් කිරීම නිසා මුදල් ලබා දීමේ දී යම් ප්‍රමාදයන් සිදුවන බව පෙනී ගොස් ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසා සිටිනවා.
මෙවර යල කන්නයේ දී රජය රුපියල් බිලියන 5.4ක් පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ගිණුම් වලටම ලබා දී ඇති බව වාර්තා වේ.
නමුත්, ඇතැම් ගොවීන් තවමත් තමන්ට මුදල් නොලැබුණ බවට පැමිණිලි කර ඇති අතර මේ සම්බන්ධව සියලු ගොවි ජනතාව දැනුම්වත් කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතව ඇත.
