ගොවි ජනතාවට සුභ ආරංචියක් - පොහොර සහනාධාරය ගැන විශේෂ ප්‍රකාශයක්
අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසන්නේ වී වගාවට ලබාදෙන පොහොර සහනාධාරය ඉදිරියේදී අතිරේක භෝග සඳහා ද ලබා දෙන බවයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කෘෂිකර්ම වෙළෙඳ සහ මුදල් අමාත්‍යාංශත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් එක්ව විශේෂ ආයතනික යාන්ත්‍රණයක් සක්‍රිය කර ඇති බවයි.
මාතලේ පැවති ගොවි හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළ අතර කෘෂිකර්ම පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ ඉදිරි වැඩසහන් පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විවෘතව සාකච්ඡා කරමින් ඒ සඳහා විසදුම් ලබාදීමට ද මෙහිදී කටයුතු කල අතර කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබා දී ඇති සහන සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.