ආයේ මේ සත්තුන්ට කෑම දුන්නොත් දඩ - වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිය සැර වෙයි
කතරගම - බුත්තල මාර්ගයේ රැඳීසිටින වනඅලින්ට ආහාර ලබාදෙන රථවාහන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ වනඅලින්ට ආහාර ලබාදීම හේතුවෙන් ඔවුන් මාර්ගය ආශ්‍රිතව රැඳීසිටීමට හුරුවී ඇති බැවින්, එම තත්ත්වය නිසා රථවාහනවලට වනඅලි විසින් සිදුකරන අනතුරු ඉහළ ගොස් ඇති බවයි.
එසේම මේ වනවිට කතරගම - බුත්තල මාර්ගයේ වනඅලි අටදෙනෙකු පමණ රථවාහන නවතා ආහාර ලබාගැනීමට හුරුවී සිටින බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් දිනකට රථවාහන 2,000කට අධික සංඛ්‍යාවක් මෙම මාර්ගය හරහා ගමන් කරන අතර, කතරගම වන්දනාකරුවන් මෙන්ම මොණරාගල, වැල්ලවාය, බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශ වෙත ගමන් කරන විශාල පිරිසක් ද මෙම මාර්ගය භාවිත කරයි.
එමෙන්ම මාර්ගයේ රැඳීසිටින වනඅලින්ට ආහාර ලබා නොදුන් අවස්ථාවලදී ඔවුන් රථවාහන වෙත පහරදීමට සහ වාහන පෙරළීමට උත්සාහ කරන අවස්ථා ද වාර්තා වී ඇති බව සඳහන්.
තවද මෑතකදී වනඅලියෙකු බස් රථයකට පහරදීමෙන් එම බස් රථය පෙරළී පුද්ගලයින් හතලිස්දෙනෙකු පමණ තුවාල ලැබූ බවද වාර්තා වේ.
ඉකුත් වසර හයක කාලය තුළ වනඅලි විසින් රථවාහනවලට සිදුකරන පහරදීම නිසා කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් ඇති බව වනජීවී නිලධාරීන් ප්‍රකාශ කරයි. එසේම වසරකට රථවාහන සියයකට අධික සංඛ්‍යාවකට වනඅලි ප්‍රහාර නිසා හානි සිදුවන බවද ඔවුන් පවසයි.
එබැවින් වනජීවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ යාල ජාතික වනෝද්‍යානයේ අංක දෙක කලාපයට අයත් මෙම මාර්ගය හරහා ගමන් කිරීමට ජනතාවට අවසර ලබාදී ඇතත්, වාහනවලින් බැස වනසතුන්ට ආහාර ලබාදීම නීතිවිරෝධී ක්‍රියාවක් බවයි.
මම ජනරජයේ ජනාධිපතිවරයාගේ රාජකාරියෙන් ඉල්ලා අස්වෙනවා.. සර්බියාවේ ජනප්‍රියවාදී ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
එසේම කොරෝනා වසංගත සමයේ රථවාහන ගමනාගමනය සීමා වූ කාලය තුළ මෙම වනඅලි මාර්ගයේ රැඳීනොසිටි අතර, වනය තුළ ඇති ස්වභාවික ආහාර වෙත යොමුවී සිටි බවද නිලධාරීන් වැඩිදුරටත් කියයි.
එහෙත් බස් රථ රියැදුරන් සහ සෆාරි ජීප් රථ රියැදුරන් විසින් වනඅලින්ට ආහාර ලබාදීම නිසා ඔවුන් එම ආහාරවලට හුරුවී ඇති බවට වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් ඌව පළාත් වනජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. ඒ. ඉන්ද්‍රජිත් මහතා, වනජීවී ආඥා පනත යටතේ වනසතුන්ට පීඩා වන අයුරින් කටයුතු කිරීමේ වරද යටතේ ආහාර ලබාදෙන රථවාහන වීඩියෝගත කර, අදාළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව අවධාරණය කළා.