අනවශ්‍ය ලෙස බිය ඇතිකරන හෝ කලබල ඇතිකරන තොරතුරු පළකරොත් වැඩ වරදී
පවතින දැඩි කාලගුණික හදිසි ආපදා තත්ත්වය මධ්‍යයේ ඇතැම් පුද්ගලයන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනයා බියගන්වන හා කලබලයට පත්කරන ආකාරයේ අසත්‍ය තොරතුරු, කටකතා හා ව්‍යාජ පුවත් පැතිරවීම සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානය යොමු කර තිබේ.
පවතින හදිසි අයහපත් තත්ත්වය හේතුවෙන් ගරු ජනාධිපතිතුමා විසින් 2025.11.29 දිනැති අංක 2464/32 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් 2025 අංක 01 දරණ හදිසි අවස්ථා (විශේෂ විධිවිධාන හා බලතල) නියෝග ප්‍රකාශයට පත් කර ඇත.
ශ්‍රී ලංකා ජනතාවට හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්ෂාව, රටේ යහ පැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යාම මෙම ගැසට් පත්‍රයේ අරමුණ වේ.
විතැන් වූ හෝ අවතැන් වූ මහජනයාට විය හැකි අපරාධ වැළැක්වීම, මහජනයාගේ දේපල ආරක්ෂා කර ගැනීම හා එවැනි අපරාධ විශේෂ වැරදි ලෙස හඳුන්වා දීම මෙම ගැසට් පත්‍රය මගින් සිදුකර ඇති අතර මෙහි සුවිශේෂී කරුණක් ලෙස මහජනයා බිය ගැන්විය හැකි හෝ කැළඹිය හැකි ආකාරයේ අසත්‍ය තොරතුරු සමාජගත වීම වැළැක්වීමට මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් ප්‍රතිපාදන සලසා දී ඇත.
ඒ අනුව, මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයේ 20 හා 21 වගන්ති ප්‍රකාරව හදිසි ආපදා තත්ත්වය පිළිබඳ මහජනයා බියගැන්විය හැකි හෝ කැළඹිය හැකි ආකාරයේ කිසිදු කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ස්වංක්‍රීය පද්ධතිය හෝ කෘත්‍රිම බුද්ධිය ඇතුළු ස්වංක්‍රීය පද්ධතියන්ගෙන් යම් ලිඛිත, විද්‍යුත්, ඩිජිටල් හෝ වෙනත් යම් ආකාරයක මාධ්‍යයක් හරහා සන්නිවේදනය කිරීම, පල කිරීම, නිර්මාණය කිරීම හෝ පැතිරවීම සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කළ හැකි බව සඳහන් කර 4735.
ඉහත වැරදි සම්බන්ධව විමර්ශනය කිරීමට පොලිස් නිලධාරියෙකුට හෝ ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකුට මෙම ගැසට් පත්‍රය මඟින් බලය ලබාදී ඇත. ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු මෙම වැරදි සඳහා යම් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් සැකකරුවන් පැය විසි හතරක් ඇතුළතපොලිස් ස්ථානයකට භාරදිය යුතු වේ.
පොලිස් නිලධාරියෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් කොට්ඨාසයේ පොලිස් අධිකාරිවරයා වෙත වාර්තා කළ යුතු අතර, ත්‍රිවිධ හමුදා සාමාජිකයෙකු විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කළහොත් ප්‍රදේශයේ අණදෙන නිලධාරිවරයා වෙත ඒ පිළිබඳව වාර්තා කළ යුතුය.
මෙවැනි ආපදා තත්ත්වයන් තුල ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම හා නිර්මාණය කිරීම හේතුවෙන් ජනතාවට සහන සැලසීමේදී බාධාවක් ඇති වීමට ඉඩ ඇති බැවින් විශේෂයෙන් ජනතාවට නිවැරදි දත්ත පමණක් සමාජ ගත කිරීම මේ තුලින් අපේක්ෂා කරනු ලැබේ.