පිය පුතු ආරවුල දුරදිග ගිහින් පියා මරුට

Report

තියුණු ආයුධයකින් පහරදී පියා ඝාතනය සිදුවීමකට සැකපිට ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කර තිබේ .

මාතලේ පොලිස් වසමේ අතිරහපිටිය ප්‍රදේශයේදී ඊයේ (24) උදෑසන මෙම ඝාතනය සිදුකර ඇත ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 64ක් වූ අතිරහපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, මරණකරුගේ පුත්‍රයා සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි.

ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාව අදත්

ඒහි පස්සිකෝ සාම පාද යාත්‍රාව අදත්

මෙම  සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු‍ 33ක් වන සැකකරුවෙකි.

මාතලේ පොලිස් ස්ථානය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි