පුතා ඝාතනය කල පියා සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන..

Report

තම පුත්‍රයා ඝාතනය කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පුද්ගලයෙකු ඊයේ (03) පස්වරුවේ සිර මැදිරිය තුළ ගෙල වැළලාගෙන අසාධ්‍ය තත්ත්වයට පත්ව රෝහල්ගත කළ බව පොළොන්නරුව පොලිසිය පැවසීය.

සුප්‍රසිද්ධ රංගන ශිල්පියකුට හතලිස් හැවිරිදි කතකගෙන් චෝදනා ..

සුප්‍රසිද්ධ රංගන ශිල්පියකුට හතලිස් හැවිරිදි කතකගෙන් චෝදනා ..

මෙම රැඳවියා සිරගත කර ඇත්තේ පසුගියද දිනෙක (30) තම පුත්‍රයාට තියුණු ආයුධයකින් පහර දී සිදු කරනු ලැබූ ඝාතනයකට වරදකරු වීම හේතුවෙණි.

දෙහිඅත්තකණ්ඩිය, සේරුපිටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියෙහි පසුවන මෙකී සැකකරුගේ පහරදීමෙන් 24 හැවිරිදි සඳුන් නිමන්ත නමැති තරුණයෙකු ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන් ඔහු මෙලෙස බන්ධනාගාර ගත කොට ඇත .

132ක මූලික අයිතිවාසිකම කඩකල රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට එක් අයදුම්කරුවකුට රුපියල් 25,000/- බැගින් වන්දි ගෙවන්නැයි නියෝග..

132ක මූලික අයිතිවාසිකම කඩකල රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට එක් අයදුම්කරුවකුට රුපියල් 25,000/- බැගින් වන්දි ගෙවන්නැයි නියෝග..

මෙම රැඳවියාව එදින පොළොන්නරුව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර; අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ හෙතෙම රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටය.

සැකකාර රැඳවියා මේ වනවිට (04) පොළොන්නරුව රක්ෂිත බන්ධනාගාරයේ නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප‍්‍රතිකාර ගන්නා බව සදහන් වේ.