නිල්වැල්ල මුහුදේ බිහිසුණු අනතුරක්
දික්වැල්ල නිල්වැල්ල මුහුදු තීරයේ දිය නාමින් සිටිය දි දියවැලකට හසුවීමෙන් එක් අයකු මිය ගොස් තවත් දෙදෙනකු රෝහල් ගත කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මාතර යටියන ප්‍රදේශයෙන් පැමිණි පුද්ගලයන් තිදෙනකු අද පස්වරුවේදී දික්වැල්ල නිල්වැල්ල බ්ලූබීචි දුපත අසල මුහුදේ දිය දිය නාමින් සිට තිබේ, එම අවස්ථාවේදී දිය වැලකට හසුවීමෙන් ඔවුන් තිදෙනා ගසාගෙන ගොස් තිබූ අතර එහිදි ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරා ගැනීමට කටයුතු කොට තිබූ නමුත් එහිදි එක් අයකු මිය ගොස් තිබු බව සදහන්.
බේරාගත් අනිත් පුද්ගලයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හේවා තමදුරගේ නිපුණ තාරක ලක්මාල් නැමති වයස 32 වන අයකු බව පැවසේ.