සා/පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන සමාජ මාධ්‍ය තුල සංසරණය වන පුවත ඇත්තක්ද?බොරුවක්ද?

Report

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය බවත්, එය අසත්‍ය බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ ව්‍යාජ නිවේදනයට අනුව, මෙවර විද්‍යාව ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකස් කර තිබෙනවා.

ඊට විසඳුමක් ලෙස විද්‍යාව විෂයට මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමිවන වන බව අධ්‍යාපන අමාත්යංශය පවසනවා.

එසේම ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින්ද අඩු කර තිබෙන අතර, විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුටම හිමිවේ.

එබැවින් ඉහත ප්‍රකාශය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එවැනි කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ නීත්‍යනුකූලව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් දැනුම්දෙනු ලබනවා.

ඒ සෑම නිවේදනයක්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය සහිතව හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ෂය සහිතව අදාළ බලධාරියාගේ අත්සන ද සහිතව මාධ්‍ය වෙත නිවැරැදි සුපරීක්ෂණයකින් පසුව සිදු කෙරේ.

එබැවින් එවන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් කාරුණික ව ඉල්ලාන්න යැයි එහි වැඩිදුරටත් දැක්වේ.  

පාසල් පොත් බෑග් වලට වෙන්න යන දේ මෙන්න - ඔයාටත් පාසල් දරුවෙක් ඉන්නවනම් අනිවාරෙන්ම බලන්න-VIDEO

පාසල් පොත් බෑග් වලට වෙන්න යන දේ මෙන්න - ඔයාටත් පාසල් දරුවෙක් ඉන්නවනම් අනිවාරෙන්ම බලන්න-VIDEO

සිසුවියන්ට අමුතු පාඩම් උගන්නන්න ගියපු උසස් අධ්‍යාපන ආයතනයේ හිමිකරුට හොඳ පාඩමක්

සිසුවියන්ට අමුතු පාඩම් උගන්නන්න ගියපු උසස් අධ්‍යාපන ආයතනයේ හිමිකරුට හොඳ පාඩමක්