මෙන්න වැඩක් පොලීසිය වගේ රගපෑ කාන්තාවක් දැලේ

Report

පිටකොටුව ලැගුම්හලක් අසලදී ව්‍යාජ පොලිස් පරීක්ෂකවරියක් ලෙස පෙනී සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාස නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන බව තොරතුරු වාර්තා වේ.

එමෙන්ම අදාළ සැකකාරිය පොලිස් ක්‍රීඩා නිල ඇඳුමකින් සැරසී පිස්තෝල වර්ගයේ පැති අවියකට සමාන ලෙස ලීයෙන් තැනූ අවියක් සන්තකයේ තබාගෙන සිටි බව පොලීසිය වාර්තා කර ඇත.