“මම අර්චුනාට මරණ තර්ජනය කළේ නැහැ” - ෆයිසල් මන්ත්‍රී කියයි
අද (21) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් කියා සිටියේ, තමා විසින් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයාට කිසිදු මරණ තර්ජනයක් කර නොමැති බවයි.
“මම කවදාවත් අර්චුනා මන්ත්‍රීතුමාට මරණ තර්ජනයක් කළේ නැහැ. එහෙම කරන්න මට කිසිම හේතුවක් නැහැ. උපහාසාත්මකව කතා කළේ අර්චුනා මන්ත්‍රීතුමාම තමයි”
යයි මන්ත්‍රී ෆයිසාල් අවධාරණය කළේය.
මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් මන්ත්‍රී රාමනාදන් අර්චුනා පැවසුවේ, ස්ථාවර නියෝග අනුව මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් අත්අඩංගුවට ගත යුතු බවයි.
මෙම සිදුවීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ දැඩි කලබලකාරී තත්ත්වයක් ඇති වූ අතර, මන්ත්‍රීවරුන් දෙදෙනා අතර වචන හුවමාරුව තීව්‍ර විය.