මොරටුව විශ්ව විද්‍යාලයේ විශාල වෙනසක්. - කැබිනට් අනුමැතියත් හිමිවෙයි.

Report

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ , අනුව 2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත බඳවා ගත් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම 2025 ජුලි මස දී රෝහල් පාදක සායනික පුහුණුව ආරම්භ කිරීමට නියමිතව ඇත.

දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතන පරිශ්‍රයේ (SAITM) පවතින පහසුකම් භාවිත කරමින් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට සහ වෛද්‍ය සිසුන්ගේ රෝහල් පාදක පුහුණු කටයුතු සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් භාවිත කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව හා ඔවුන්ගේ රෝග විවිධත්වය ප්‍රමාණවත් නොවීම සහ රෝහල් කාර්ය මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික මහාචාර්ය ඒකක පුහුණුවීම් සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල භාවිත කිරීම ගැටලු සහගත බව පෙනී ගොස් ඇත.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර අර්චුනා අත්අඩංගුවට ගැනිමට නියෝග. - (VIDEO)

පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර අර්චුනා අත්අඩංගුවට ගැනිමට නියෝග. - (VIDEO)


You may like this video