භයානක ලෙඩක් පැතිරෙයි - ආපදා කදවුරු වල ජනතාව ප්‍රවේශමෙන්
ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයවිසින් 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාව රඳවා සිටින ආරක්ෂිත මධ්‍යස්ථාන සහ කඳවුරු තුළ අක්ෂි රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතින බව අනතුරු අගවා ඇත.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහත්මිය පවසන්නේ නිවැරදි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම තුළින් මෙම තත්ත්වය කල්තියා වළක්වා ගැනීමට හැකියාව පවතින බවයි.
ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ විශේෂයෙන්ම විශාල පිරිසක් එකම ස්ථානයක සමූහ වශයෙන් රැඳී සිටින මෙවැනි අවස්ථාවලදී බෝවන රෝග ව්‍යාප්තියේ අවදානම ඉහළ මට්ටමක පවතින බවයි.
එමෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේ 'ඇස් ලෙඩ' (Sore eyes) යනුවෙන් හඳුන්වන ඇස් රතුවීමේ රෝගී තත්ත්වය මෙහිදී ප්‍රධාන වශයෙන් දැකගත හැකි අතර,එය ස්පර්ශය සහ වාතය මාර්ගයෙන් ඉතා වේගයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතී.
යම් පුද්ගලයෙකුට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇත්නම් නිතර දෑත් පිරිසිදු කර ගැනීමටත්, අපිරිසිදු දෑත්වලින් ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීමටත් වගබලා ගත යුතුය.
යම් හෙයකින් මෙම රෝගය පැතිර ගියහොත් එය ආරක්ෂිත මධ්‍යස්ථානයේ සිටින සමස්ත කණ්ඩායමටම බලපෑ හැකි අතර, ඒ තුළින් අනවශ්‍ය සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය විය හැකි බව වාර්තා වේ.