වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක්
කොළඹ ජාතික අක්ෂි රෝහලේ හෙට (22) පෙරවරු 8.00 සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි.
ජාතික අක්ෂි රෝහලේ වැඩබලන අධ්යක්ෂවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව විරෝධය පළකරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම සංගමය සඳහන් කළේය.
ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් ඉදිරියේදී තවත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවටද GMOA අනතුරු අඟවයි.