පැතිර යන භයානක ඇස් රෝගය - ලේන්සු පාවිච්චි කරන්නැයි උපදෙස්..
By Sewvandhi
මේ දිනවල යාපනයේ ප්‍රදේශ කීපයක් පුරා ඇස් රෝගයක් පැතිර යමින් පවතින අතර එම රෝගයට වැඩි වශයෙන්ම ගොදුරු වී ඇත්තේ පාසල් සිසුන් බව වාර්තා වෙනවා.
යාපනයේ වලිකාමම්, වඩමරච්චි යන ප්‍රදේශවලින් මෙම ඇස් රෝගය වැළදුණු පාසල් සිසුන් 68 දෙනෙකු එම පළාත්වල ප්‍රාදේශීය රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ තිබෙනවා.
ඇස්වලින් කදුළු ගැලීමත්, ඇස් රතු පැහැ ගැන්වීමත් මෙම ඇස් රෝගයේ මූලික රෝග ලක්ෂණ වන අතර රෝගය වැළදීමෙන් පසුව ඇස්වල දැඩි වේදනාවක් හට ගන්නා බවද සඳහන්.
යාපනයේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කරන්නේ මේ දිනවල යාපනය පුරා පවතින අධික සුළං සහිත තත්ත්වය නිසා සුළග සමග පැමිණ ඇති විෂ බීජයකින් මෙම රෝගය පැතිර යන බවයි.
සෑම විටම පිරිසිදු ලේන්සුවක් භාවිත කරන ලෙස සෞඛ්‍ය නිලධාරීන් පාසල් සිසුන්ට හා ජනතාවට උපදෙස් ලබා දී තිබෙනවා.