අධිවේගයේ යන බස්වල ආසන පටි නැත්නම් හෝ නොදැම්මොත් නීතිය තදින්ම- පෑලියගොඩදී විශේෂ දැනුවත් කිරීමේ මෙහෙයුමක්

Report

සැප්තැම්බර් 19 වනදා සිට ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ධාවනය වන සියලුම වාහනවල ගමන් කරන මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ. මෙම නියමය අධිවේගී මාර්ග භාවිත කරන පොදු මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ද අදාළ වේ.

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව (NTC) සඳහන් කළේ සැප්තැම්බර් 19 සිට අධිවේගී මාර්ගවල ධාවනය වන පොදු මගී බස් රථවල ආසන පටි භාවිතය අනිවාර්ය වන බවයි.

ඒ අනුව, ආසන පටි සපයා නොමැති බස් රථ සම්බන්ධයෙන් මෙන්ම, සපයා ඇති ආසන පටි භාවිත නොකරන රියදුරන් සහ මගීන් සම්බන්ධයෙන් ද නීතිමය පියවර ගැනීමට බලධාරීන්ට හැකියාව පවතී.

නව නියමය පිළිබඳව බස් මගීන් දැනුවත් කිරීම සඳහා පෑලියගොඩ අධිවේගී මාර්ග පිවිසුමේදී විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්විණි.

එහිදී  ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මගීන්ට ආසන පටි භාවිතයේ වැදගත්කම සහ නව නීතිය පිළිබඳව කරුණු පැහැදිලි කර දෙන ලදී.

ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ  සභාපති පී.කේ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේ විවිධ හේතූන් මත මෙම නියමය ක්‍රියාත්මක කිරීම මීට පෙර අවස්ථා කිහිපයකදී කල් දැමීමට සිදුවූ නමුත්, සැප්තැම්බර් 19 වනදා සිට එය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බවයි.

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

ගුරු සේවයේ සිටින සියලුම ගුරුවරුන්ට සුබම සුබ ආරංචියක් - ආයේ උසස් වීම් ගන්න මේවා ඕන් නෑ

නියමය උල්ලංඝනය කරන පුද්ගලයන්ට දඩ මුදල් ඇතුළු නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණදීමට සිදුවිය හැකි බව  ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ වැඩිදුරටත් සඳහන් කළේය.

නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර මගීන් සහ බස් රථ රියදුරන් දැනුවත් කිරීමේ වැඩසටහන් තවදුරටත් පැවැත්වීමට ද නියමිතය.

මේ ආත්මෙදි හරි අනුන්ට අපහාස නොකර තමන්ගේ වැඩක් කරගන්න තමන්ට නිකරුණේ අපහාස කරන අයට සමිතාගෙන් සැර පිළිතුරක්

මේ ආත්මෙදි හරි අනුන්ට අපහාස නොකර තමන්ගේ වැඩක් කරගන්න තමන්ට නිකරුණේ අපහාස කරන අයට සමිතාගෙන් සැර පිළිතුරක්