මුලතිව් මුහුදෙන් එකපාරම හමුවුණ දෙය නිසා ප්‍රදේශයම කැළඹිලා.. ටින් එකක් වගේ.. පා වෙලා ඇවිත් තියෙන්නේ.. 

Report

මුලතිව් මුහුදු තීරයේ පාවෙමින් තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 14යි ග්‍රෑම් 700ක තොගයක් සොයාගෙන තිබෙනවා.

ඒ ඊයේ (22) දිනයේ දී ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක්?.(VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක්?.(VIDEO)

50කට බෙහෙත් ගන්න වුණ.. හැටන් බස් රියදුරා බසයෙන් ඉවතට විසි වෙලා ගිය.. හේතුව හෙළිවෙයි..

50කට බෙහෙත් ගන්න වුණ.. හැටන් බස් රියදුරා බසයෙන් ඉවතට විසි වෙලා ගිය.. හේතුව හෙළිවෙයි..

මෙලෙස මුලතිව්, තීර්තකට්කරයෙි මුහුදු තීරයේ පාවෙමින් තිබියදී අදාල පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බව මුලතිව් පොලීසිය සදහන් කළේ ය.

එය පළමුව ධීවරයින් පිරිසක් විසින් දැක ඇත්තේ පාවෙමින් තිබූ ටින් එකක් ලෙසින් බව වාර්තා වේ.

පසුව ඒ පිළිබඳව ධීවරයින් විසින් පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලීසිය එම ස්ථානයට පැමිණ අදාල ටින් එක පරික්ෂා කර තිබෙනවා.

ඒ අනූව එහි ආරක්ෂිතව තැන්පත් කර තිබූ පුපුරණ දුව්‍ය සොයාගෙන ඇත.

එම පුපුරණ ද්‍රව්‍ය එලෙස පවෙමින් තිබීමට හේතුව හෝ කුමන පර්ශ්වයකට අයත්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ඇතිව ඒවා නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇත.

You May Like This Video👇

.