ඉස්ලාම් පල්ලියක පිපිරීමක් - කුඩා දරුවනුත් ඉඳලා

By Wayomi Mar 14, 2025 01:57 PM GMT
Report

 වයඹ දිග පාකිස්තානයේ ඉස්ලාමීය දේවස්ථානයක් ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයකින් ඉස්ලාමීය ආගමික නායකයෙකු ඇතුළු තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

එරට ආරක්ෂ අංශ විසින් පවසා ඇත්තේ තුවාලකරුවන් අතර කුඩා දරුවන් ද සිටින බවයි.

මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ අබ්දුල්ලා නදීම් නැමැති ජමියත් උලේමා ඉස්ලාම්-ෆාසල් (JUI-F) නම් දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයෙකු බව සඳහන් වෙනවා.

ප්‍රහාරය සිදු කර ඇත්තේ කවුරුන් විසින්ද යන්න තවම අනාවරණය වී නොමැති අතර, පසුගිය කාලයේදී පාකිස්තානය අහ ඇෆ්ගනිස්තානය අතර ප්‍රහාර දැඩි වී පැවතුනි.

පසුගිය මාසයේ ද වයඹදිග පාකිස්තානයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හයදෙනෙකු මිය ගිය බව සඳහන් වේ.

පාකිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සුලබව සිදුවන බලුකිස්තාන ප්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබූ දුම්රියක්, එහි ගමන්ගත් මගීන් 400කට ආසන්න පිරිසක් සමඟ බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් විසින් පසුගිය දා පැහැරගෙන තිබුණා.

පසුව ආරක්ෂ අංශ සහ බෙදුම්වාදී අතර ඇති වු වෙඩි හුවමාරුවේදී සටන්කාමීන් 33 දෙනෙකු සහ ප්‍රාණ ඇපකරුවන් 27 දෙනෙකු ද මියගොස් තිබුණු බව එරට ආරක්ෂක අංශ මඟින් සඳහන් කර ඇත.

පෞද්ගලික අංශයට සුබ ආරංචියක්.... රජයේ ඉඩම් ගැන අලුත් තීන්දුවක්..... (VIDEO)

පෞද්ගලික අංශයට සුබ ආරංචියක්.... රජයේ ඉඩම් ගැන අලුත් තීන්දුවක්..... (VIDEO)

මැද පෙරදිග ගල්ෆ් මුදල් සහ ඇමරිකානු ඩොලරයට මොකද වුනේ? රුපියල චන්ඩියා වෙයි... රට ඉන්න යටත් වාසියක්...

මැද පෙරදිග ගල්ෆ් මුදල් සහ ඇමරිකානු ඩොලරයට මොකද වුනේ? රුපියල චන්ඩියා වෙයි... රට ඉන්න යටත් වාසියක්...