ඔබත් ආහාර ද්‍රවය මිලදී ගැනීමේදී දැඩිව සැලකිලිමත් වන්න..කිලෝ ලක්ෂ 15 ක් හමුවෙලා..

Food Shortages Sri Lanka Food Crisis Latest Headlines
By Sewvandhi Feb 02, 2025 08:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරට ජනතාවට බෙදාහැරීම සඳහා ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ ගබඩා සංකීර්ණයේ ගබඩා කර තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි ඇතුළු ආහාර කිලෝග්‍රෑම් ලක්ෂ 15කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනයට ගත නොහැකි ලෙස කල්ඉකුත් වී ඇතැයි අනාවරණය වී තිබේ.

2023 වසරේ ලෝක ආහාර වැඩසටහන යටතේදී,මෙම ආහාර තොගය ආධාර ලෙස ලැබී තිබුණේ.

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවට අයත් වේයන්ගොඩ දිසා ධාන්‍යාගාරයට වර්ග අඩි 28,000කින් සමන්විත ගබඩා 16ක් ඇතුළත් වන අතර, ඉන් ගබඩා 10ක් ආහාර ගබඩා කිරීම සඳහා යොදා ගැනේ.

දිළිඳු ජනතාවට සහ පාසල් ළමුන් හට නොමිලයේ බෙදාදීම සඳහා, පසුගිය වසරේදී ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට ලබාදී තිබූ සහල්, පරිප්පු සහ රටඉඳි කිලෝග්‍රෑම් ලක්ෂ 15කට අධික තොගයක් එහි ගබඩා 3ක ගබඩා කර තිබී ඇත.

කසක්ස්ථානය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවලින් ලැබී තිබූ ආහාර තොගය නිසි කලට බෙදාහැරීමට බලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් මේ වනවිට එම ආහාර තොගය කල් ඉකුත් වී තිබේ.

ඒ පිළිබඳව සොයා බැලීම සඳහා ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර්, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම යන මහත්වරුන්, පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් වේයන්ගොඩ දිසා ධාන්‍යාරය වෙත පැමිණ තිබුණි.

……………………………………………………………………………

You may like this video 👇

 


ReeCha