යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන රාජාංගණයේ සද්ධාරතන හිමිව සංඝභාවයෙන් නෙරපයි!

By R.rishma Apr 02, 2025 10:23 AM GMT
Report

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව විසින් පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් සංඝභාවයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇත.

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි යූටියුබ් නාලිකාවක් මෙහෙයවමින් සමාජ මාධ්‍ය හරහා සිදු කරන ප්‍රකාශ හේතුවෙන් පසුගිය කාලයේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති විය.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සභාව සොයාබැලීමක් සිදුකළ අතර ඒ අනුව මෙම තීරණය ගෙන ඇති බව රාමඤ්ඤ මහා නිකායේ ස්වාමීන් වහන්සේ නමක් පැවසීය.

සිකුරාදා සහ සෙනසුරාදා සෝල් නගරයට පැමිණෙන්න එපාලු!

සිකුරාදා සහ සෙනසුරාදා සෝල් නගරයට පැමිණෙන්න එපාලු!