කෝටි 330ක ‘කිරි හරක් ගනුදෙනුවට’ හිටපු ලේකම්වරියක් CID යට?

Report

ශ්‍රී ලංකාවට කිරි හරකුන් ආනයනය සඳහා යැයි සඳහන් කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක (රුපියල් කෝටි 330ක) විශාල මුදලක් වෙන් කර අවභාවිත කළේයැයි සිදුවූ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමට නියමිත බව රජයේ විශ්වාසනීය ආරංචි මාර්ග අනාවරණය කරයි.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

අදාළ හිටපු ලේකම්වරිය රාජ්‍ය පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගේ බිරිඳක් වන අතර, ඔවුන්ගේ පසුබිම සලකා බලන විට මෙම සිදුවීමට ඇති සම්බන්ධතාවය සැලකිල්ලට ලක්ව ඇත.

ඇය 2016-2017 කාලසීමාවේදී ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරියක් ලෙස කටයුතු කර ඇති අතර, එම සමයේ කිරි හරකුන් ආනයනය සඳහා මින් සඳහන් ඩොලර් මිලියන 11ක මුදලක් වෙන් කළ බව වාර්තා වෙයි.

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

මහින්දට අත තියන්න එපා...ප්‍රබල රටවල් දෙකක් මාලිමවට දැනුම් දෙයි... වැඩ වරද්ද ගන්න එපා

කෙසේ වෙතත්, එවැනි ආනයනයක් සිදු නොවී තිබීමත්, එම මුදල වෙනත් කිසිදු ව්‍යාපෘතියකට භාවිතා වී නැති බවටත් සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබේ.

මේ වනවිට විදේශගතව සිටින අදාළ හිටපු ලේකම්වරිය ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණීමට නියමිත වන අතර, එම අවස්ථාවේදී CID විසින් ඇයගෙන් නිල ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරන බව ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..

මම මිස්ගේ කැත කුණු අතගෑවා..මිස්ට අමාරු වුණා..මාලනිය රැකබලාගත් නිලුකා ඇය ගැන කියූ දේ..