ගල්අඟුරු හිටපු සභාපති ලෝක අමාරුවක.. මැතිසබයට කැඳවයි

Report

ලක්විජය බලාගාරය සඳහා ආනයනය කළ නෞකා තුනක ගල් අඟුරු සම්බන්ධයෙන් කරුණු විමසීමට සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබිණි. බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට කැඳවා තිබුණි.

රාජ්‍ය බැංකු කළමනාකරුවෙකු රු. මිලියන 163ක බොරු රත්තරන් උකස් කරලා වංචාවක් කරලා..

රාජ්‍ය බැංකු කළමනාකරුවෙකු රු. මිලියන 163ක බොරු රත්තරන් උකස් කරලා වංචාවක් කරලා..

කාරක සභාවේදී ආනයනික ගල් අඟුරු ප්‍රමිති වාර්තා සහ විශේෂයෙන් අවසන් නෞකාවේ ගල් අඟුරු තත්ත්වය පිළිබඳ මෙරට පරීක්ෂණාගාරවල කළ පරීක්ෂණ වාර්තා යොමු කරන ලෙස සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

අවසන් වරට ආනයනය කළ ගල් අඟුරුවල ප්‍රමිතියේ ගැටලුවක් ඇත්දැයි සභාපතිවරයා විමසූ අවස්ථාවේදී, නිලධාරීන් ප්‍රකාශ කළේ එම නෞකා තුනේ සාම්පල ඉන්දියාවට යොමු කර පරීක්ෂා කර ඇති බවයි. එම වාර්තා ලැබුණු පසු නිවැරදි තොරතුරු ලබා දිය හැකි බව ඔවුන් දැනුම් දුන්හ.

මෙම කාරක සභාවේදී ලක්විජය බලාගාරයට ගෙන්වූ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සිදු වූ අතර, ඊළඟ රැස්වීමේදී හිටපු සභාපතිවරයා කැඳවා මෙම ගැටලුව තවදුරටත් විමර්ශනය කිරීමට තීරණය කෙරිණි.

කොළඹ සිසුවාගේ සිද්ධිය ගැන සැබෑ කතාව මෙන්න.. ගුරුවරියන් දෙදෙනාත් පාසලෙන් මාරුවෙලා

කොළඹ සිසුවාගේ සිද්ධිය ගැන සැබෑ කතාව මෙන්න.. ගුරුවරියන් දෙදෙනාත් පාසලෙන් මාරුවෙලා

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න

කලබලය ඉවරයිද? අද සාර්ථකත්වය ලැබෙන ලග්න ටික මෙන්න