උසාවිවල තිබෙන සාක්ෂි කූඩු ඉවතට. - අධිකරණයට මුදල් ගෙවීමට නව ක්‍රමයක්.
උසාවිවල තිබෙන සාක්ෂි කූඩු මුළුමනින්ම ඉවත් කිරීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
එලෙස පවසමින් ඔහු පෙන්වා දෙන්නේ, අධිකරණ පද්ධතිය සේවාවන් ලබාදිය යුත්තේ විනිසුරුවරුන්ට හෝ නීතිඥයින්ට නොව මහජනතාව සඳහා බවයි.
එමෙන්ම බැංකු ගණුදෙනු සම්බන්ධ අණපනත් නූතන සමාජයට ගැලපෙන අයුරින් සකස් කිරීමට පියවර ගන්නා බවත්, අධිකරණ නියෝග මගින් මුදල් ගෙවීම් කටයුතු කිරීමේදී Pos Machin ක්‍රමය හදුන්වා දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ, කාඩ්පත් මඟින් සිදුකල හැකි මුදල් ගෙවීමේ (Pos Machin) ක්‍රමය අධිකරණ පද්ධතිය වෙත හදුන්වා දීම සඳහා මහජන බැංකුව සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී.
ඒ, අධිකරණ අමාත්‍යාංශයේදී පැවති උත්සවයකට එක්වෙමින්.