පාවෝලා පම්පලෝනි සහ විදේශ අමාත්‍ය විජිත හේරත් අතර ඵලදායී සාකච්ඡාවක්
යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා හා පැසිෆික් කලාපය සඳහා වැඩබලන කළමනාකාර අධ්‍යක්ෂිකා පාවෝලා පම්පලෝනි (Ms. Paola Pampaloni) මහත්මිය අද ( 10) විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා හමුවී ඵලදායී සාකච්ඡාවක නිරත වූහ.
මෙම හමුවීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය හා වැදගත් ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ පිළිබඳව පම්පලෝනි මහත්මිය ඇතුළු යුරෝපා දූත පිරිස දැනුවත් කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (OSA) සංශෝධනය කිරීම හා අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), හානි පූර්ණය පිළිබඳ කාර්යාලය (OR) සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාලය (ONUR) වැනි ස්වාධීන ජාතික ආයතන ශක්තිමත් කිරීම මගින් ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාමට ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කර ඇත.
යුරෝපා සංගමයේ GSP+ වෙළඳ සහනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට අත්‍යවශ්‍ය බවත්, වත්මන් සහන කාලසීමාව අවසන් වූ විට නැවත ඒ සඳහා අයදුම් කිරීමට ඇති උනන්දුව ප්‍රකාශ කළ බවත් සඳහන් වේ. 'දිට්වා' සුළි කුණාටුවේ බලපෑම හා ශ්‍රී ලංකාවේ වත්මන් සංවර්ධන උත්සාහයන් පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, මෙම අසීරු කාලයේදී යුරෝපා සංගමය ලබාදුන් නොසැලෙන සහයෝගයට හෘදයාංගම කෘතඥතාව පළ කර ඇත.
ද්විපාර්ශ්වික කරුණුවලට අමතරව, ලෝකයේ වෙනස්වන දේශපාලනික හා ආර්ථික තත්ත්වයන්, භූ-දේශපාලනික අභියෝග හා කලාපීය/ගෝලීය ගැටලු පිළිබඳවද සංවාදය සිදුව ඇත. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම හා බහුපාර්ශ්වික පද්ධතිය කෙරෙහි පොදු කැපවීම යළිත් තහවුරු කර ඇත.
මෙම හමුවීම ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත් පියවරක් ලෙස සැලකේ. එය අන්‍යෝන්‍ය ගෞරවය, පොදු වටිනාකම් හා වඩාත් ඔරොත්තු දෙන සහයෝගී අනාගතයක් පිළිබඳ දැක්මක් මත ගොඩනැගුණු හවුල්කාරිත්වයකි.
EU-ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 27 වන සැසිවාරය කොළඹදී අද (12) පැවැත්වීමට නියමිත අතර, එහිදී ආණ්ඩුකරණය, මානව හිමිකම්, වෙළඳාම, සංවර්ධන සහයෝගය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගය ශක්තිමත් කිරීම සාකච්ඡා කෙරේ.
Ms. Paola Pampaloni, Acting Managing Director for Asia and Pacific of the European External Action Service (EEAS), who is in Sri Lanka to co-chair the 27th Session of the EU–Sri Lanka Joint Commission, called on me today.
— Vijitha Herath (@HMVijithaHerath) February 10, 2026
Our discussions were constructive and forward-looking.… pic.twitter.com/2IysziAMo3