වාහන ලෝකයේ දැවැන්ත පෙරළියක්- හෙට සිට EU රටවල විකුණන හැම කාර් එකකටම එන ලොකුම වෙනස මෙන්න
යුරෝපීය සංගමය (EU) තුළ අලෙවි කරන සියලුම නව මගී මෝටර් රථ සහ වෑන් රථ සඳහා 2026 ජූලි 7 වන දින සිට නව මාර්ග ආරක්ෂණ රෙගුලාසි යටතේ උසස් ආරක්ෂක තාක්ෂණයන් රැසක් අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
යුරෝපීය කොමිසම සඳහන් කළේ මෙම නව පියවරේ ප්‍රධාන අරමුණ වන්නේ මාර්ග අනතුරු අවම කිරීම, වාහනවල ගමන් කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව ඉහළ නැංවීම සහ පදිකයින් ඇතුළු අවදානමට ලක්විය හැකි මාර්ග භාවිතා කරන්නන් වඩාත් හොඳින් ආරක්ෂා කිරීම බවයි.
නව නීති අනුව වාහනවල අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු ආරක්ෂක විශේෂාංග අතර, පදිකයින් සහ බයිසිකල්කරුවන් හඳුනාගත හැකි උසස් හදිසි තිරිංග පද්ධති, රියදුරුගේ අවධානය වෙනතකට යොමු වන අවස්ථා හඳුනා දෙන උසස් අනතුරු ඇඟවීමේ පද්ධති, වැඩිදියුණු කළ ඉදිරි දෘශ්‍යතාව, ගෙවී ගිය ටයර් හඳුනා ගැනීම සඳහා නව පරීක්ෂණ ක්‍රමවේද සහ ගැටීමකදී පදිකයින්ට සිදුවන හානි අවම කිරීම සඳහා සැලසුම් කළ පුළුල් ආරක්ෂිත වීදුරු ප්‍රදේශ ඇතුළත් වේ.
යුරෝපීය කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ මෙම නව රෙගුලාසි යුරෝපා සංගමය පුරා වාහන ආරක්ෂණ ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීම සහ මාර්ග මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අඩු කිරීමේ පුළුල් වැඩසටහනක කොටසක් බවයි.