ඇසළ පුර පසලොස්වක් පොහොය දිනය අදයි..

Esala Full Moon Poya Sri Lanka Buddhism
By Aruna Jul 20, 2024 12:23 AM GMT
Aruna

Aruna

Report

ඇසළ පුන් පොහෝ දිනය අද (20)ට යෙදී තිබෙනවා. ලක්වැසි බෞද්ධ ජනතාවට සුවිශේෂ වූ පොහෝය දිනයක් ලෙස ඇසළ පුර පසලොස්වක් පෝය දිනය හැඳින්වීමට හැකිය.

ශ්‍රී ලංකාවේ සිව්දිග පුදබිම් උත්සවත්ශ්‍රීයෙන් බබළන්නේ ඇසළ සමයටයි.

ඒ මහනුවර, බෙල්ලන්විල මෙන්ම කතරගම පුදබිමෙහි වාර්ෂික පින්කම් මලාව හා අවසන් මහ පෙරහරට මුළු ශ්‍රී ලංකාව පුරා බෞද්ධයන් සැදැහැ සිතින් සහභාගි වීම නිසාය.

බෞද්ධ ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි ඇසළ පුන් පෝය දිනයන්හිදී සිදුව තිබේ.

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..

ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..


අප මහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසළ පුර පෝය දිනකය.

සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකය.

එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයෑම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද අද වැනි ඇසළ පුර පෝය දිනකය.

ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොවුතුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්ම චක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පුර පොහොය දිනයකයි.

තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පුන් පෝ දිනයක සිදු විය.

ඇසළ පුර පසලොස්වක් පොහොය දිනය අදයි.. | Esala Pura Pasaloswak Pohoya

කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදු වූයේද ඇසළ පුර පොහෝ දිනයකයි.

විහාරස්ථානවල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) අද වන් වූ ඇසළ පොහෝ දිනක වීම විශේෂත්වයක්.