එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක.

Ranil Wickremesinghe
By Gagana May 02, 2024 01:52 PM GMT
Gagana

Gagana

Report

උතුරු පළාතේ සංචාරයක නිරත නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක එරික් සෝල්හයිම් සහ උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් අතර හමුවක් පැවැත්වුනා.

ඒ, යාපනය ආණ්ඩුකාර කාර්යාලයේ දීයි.

එහි දී, උතුරු පළාතේ ජනතාවගේ පවුල්වල ජීවන තත්ත්වයන් නගා සිටුවීම සඳහා රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් සහ පරිසර තත්වයන් පිළිබඳව ද,එහි සංවර්ධනය සහ යළි පදිංචි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය පිලිබඳ සාකච්චා කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, එරික් සෝල්හයිම් සහ උතුරු පළාත් ආණ්ඩුකාරවරිය යාපනය, මණ්ඩතිව් පිහිටි කඩොලාන පරිසර පද්ධතිය නිරීක්ෂණයට ලක්කර ඇති අතර,කඩොලාන ශාකවල ස්වභාවික ප්‍රතිලාභ සහ මණ්ඩතිව් හි කඩොලාන පරිසර පද්ධතිය පිළිබඳව එහි දි අවධානය යොමු කර ඇති බව සඳහන්.

.........................................................

May you Like