මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එප්පාවල විදුහල්පතිවරයා අද යලි අධිකරණයට

Report

 මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු එප්පාවල ප්‍රදේශයේ විදුහල්පතිවරයා අද(26) යලි අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව අදාළ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගන්නා ලදි.

ඒ වගේම එප්පාවල කට්ටියාව ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමෙන් 05 වනදා හෙරොයින් කිලෝවලට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමට හැකියාව ලැබුණි.

ඒ වගේම එම සැකකරු දින 07 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසුගිය 12 වනදා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත .

ඉන්පසු ඔහු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබේ .

ඒවගේම අද දිනයේදී අධිකරණයට සැකකරුගේ දුරකතන දත්ත වාර්තාවක් මෙන්ම අත්අඩංගුවට ගත් මත්කුඩුවල රසපරික්ෂක වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතව    ඇත.

විරැකියාව ඉහලට - රජයේ රැකියා අවස්ථා මෙන්න

විරැකියාව ඉහලට - රජයේ රැකියා අවස්ථා මෙන්න