ගංවතුර බැස යද්දී හිස ඔසවන වසංගත රෝග ගැන සැලකිලිමත් වෙන්න

Report

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතින නිසා ඒ පිළිබද සැලකිලිමත් වන ලෙසයි.

ඒ වගේම ජයතිස්ස මහතා සදහන් කළේ ආපදාවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 50ක් බැගින් මුදල් ලබාදි තිබෙන බවයි.

එතුමා මේ පිළිබද සදහන් කළේ ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ අද (01) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

තවද ආපදාවෙන් විපතට ජනතාවට සහන ලබාදීමේදී එම සහනවල ප්‍රමාණයන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නංවා තිබෙන බව එතුමා සදහන් කර තිබේ ඒ වගේම දැනට පවතින හදිසි ආපදා තත්ත්වය යටතේ බාධාවකින් තොරව ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම වෙනුවෙන් එක් ප්‍රාදේශීය ලේකම්වරයෙකුට රුපියල් මිලියන 50 දක්වා ලබා දි තිබෙන බවත් ජයතිස්ස මුණසිංහ මහතා ප්‍රකාශ ඇත.

තවද වියළි ආහාර සඳහා මෙතෙක් සිදු වූ මුදල් බැංකුගත කිරීමට අමතරව අවශ්‍යතාව අනුව වියළි ආහාර ද්‍රව්‍ය මලු වශයෙන් ලබාදීමට අනුමැතිය ලබා දී තිබෙන බවත් ප්‍රාදේශීය ලේකම්වරුන්ට තමන්ගේ ප්‍රදේශයේ පවතින සුවිශේෂී තත්ත්වයන් අනුව සුදුසු කමිටුවක් මගින් තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දී තිබෙන බව එතුමා සදහන් කර තිබේ.

තවද විශේෂයෙන්ම වියළි ආහාර ද්‍රව්‍ය සඳහා ලබා දෙන මුදල් දින 07ක් සඳහා එක් පවුලකට ලබාදෙන බවත්, එය අවශ්‍යතාව පරිදි වැඩි කරගත හැකි බවත් ජයතිස්ස මහතා සදහන් කර ඇත. ඒ වගේම තනි පුද්ගලයෙකුට රුපියල් 2100ක්, සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 4200ක් සහ සාමාජිකයන් තුන් දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 6300ක්, සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක් සඳහා 8400ක් සහ සාමාජිකයන් පස් දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සිටින පවුල්වලට රුපියල් 10,500ක් වශයෙන් මුදල් වෙන් කර තිබෙන බවත් එතුමා තව දුරටත් සදහන් කර තිබේ.

තවද ජයතිස්ස මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ මේ වන විට ජල ගැලීම් සහ ගංවතුර බැස යමින් පවතින තත්ත්වය තුළ වසංගත රෝග, වාහක රෝග පැතිරීමේ දැඩි අවදානම පිළිබද සැලකිලිමත් වන ලෙසයි.

ඒ වගේම සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින වගත් එතුමා තව දුරටත් සදහන් කර තිබේ.

මෙලෙස ආපදාවට මුහුණ දුන් සෑම නිවසකටම එහි සනීපාරක්ෂක තත්ත්වයන් යථා තත්ත්වයට පත් කර ගැනීමට සහ පදිංචියට සුදුසු නිවසක් බවට පත් කර ගැනීමට රුපියල් 10,000ක අත්තිකාරම් මුදලක් ලබා දීමට කටයුතු කරමින් සිටින බවත් එතුමා සදහන් කර තිබේ.

 ඒ වගේම තවදුරටත් අදහස් දැක් වූ ජයතිස්ස මහතා සදහන් කළේ එම අත්තිකාරම් මුදල් ලබාදීමේදී නිවසේ අයිතිය නොසලකා ආපදාවට ලක්වූ සෑම පුද්ගලයකුටම ලබාදීමට කටයුතු යොදා තිබෙන බවත්, ඊට අදාළ චක්‍ර‍ලේඛය ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විසින් ඊයේ නිකුත් කළ බවයි.

දැනට ඉතා දැඩි ලෙස ආපදාවට මුහුණ දුන් ප්‍රදේශවල සන්නිවේදන කටයුතු නැවත යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවත් මේ කාලය තුළ සහන සේවා නිලධාරීන් ඉතා දැඩි වෙහෙසකින් කටයුතු කරන නිසා සිය සම්පූර්ණ සහාය ඔවුන්ට ලබා දෙන ලෙසද ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.    

රියදුරන්ට පොලීසියෙන් සහන කාලයක්

රියදුරන්ට පොලීසියෙන් සහන කාලයක්

වට්ටුවාකල් පාලමත් තැන් දෙකකින් කැඩෙයි

වට්ටුවාකල් පාලමත් තැන් දෙකකින් කැඩෙයි