නගර කිහිපයක්ම ගිනී ගනී - දැඩි කෝලහාල - (PHOTOS)

England Latest Headlines
By Sewvandhi Aug 04, 2024 08:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ලිවර්පූල්, ස්වුත්පොර්ට් ප්‍රදේශයේදී පිහියෙන් ඇන ගැහැණු දරුවන් තිදෙනෙක් ඝාතනය කිරීමෙන් අනතුරුව එංගලන්තයේ ප්‍රදේශ කිහිපයක කලබල සහ ගැටුම් ඇතිවී ඇති බව වාර්තා වෙයි.

ඊයේ (03) එංගලන්තයේ නගර කිහිපයක කලබලකාරී තත්ත්වයන් වාර්තා වූ බවත් ඉන් පොලිස් නිලධාරීන් ට තුවාල සිදුවී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එසේම දේපොළ විනාශ කිරීමේ සිදුවීම් ද වාර්තා විය.

වසර 13කට පසුව එරටින් වාර්තා වූ දරුණුතම කලබලකාරී තත්ත්වය මෙය බව සඳහන් ය. විශේෂයෙන්ම උද්ඝෝෂණ සංවිධානය කර තිබුණේ, සංක්‍රමණික විරෝධීන් විසිනි.

එරට පොලීසිය පවසන්නේ ගැහැණු දරුවන් තිදෙනා ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයා රැඩිකල්කරණය වූ මුස්ලිම් සංක්‍රමණිකයෙක් බවට කටකතා පැතිරගොස් ඇති බවත් ඒ හේතුවෙන් සංක්‍රමණික විරෝධීන් කලබල ඇතිකරන බවත් ය. 

GalleryGalleryGallery