ලංවිම සභාපතිගේ ඉල්ලා අස්වීම ගැන බලශක්ති අමාත්‍යංශය දැන් කියන කතාව

Ceylon Electricity Board Minister of Energy and Power Sinhala news
By Hashini May 12, 2025 12:01 AM GMT
Hashini

Hashini

Report

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ඉල්ලා අස් වී ඇති බව ඊයේ වාර්තා වුණා.

මේ සබන්ධයෙන් වන වාර්තා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය ප්‍රතික්ෂේප කරනු ලබනවා.

අමාත්‍යාංශයේ නිලධාරියෙකු පැවසුවේ ඒ මහතා පෞද්ගලික හේතූන් මත විදේශගත වීමට සැලසුම් කර ඇති බැවින් ඊට නිවාඩු අවශ්‍ය යයි දන්වමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ඉදිරිපත් කර ඇති බවයි.

‘ලංවිම සභාපතිවරයා ඉල්ලා අස්වන බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නෑ’ ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේ වෙතත් තිලක් සියඹලාපිටිය මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මගින් දන්වා ඇත්තේ තමන් එම ධුරය බාර ගත්තේ කෙටි කාලයකට බවත් එම කාලය අවසන් වීම නිසා ඉල්ලා අස්වන බවත්ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජය යටතේ ආචාර්ය සියඹලාපිටිය මහතා පසුගිය වසරේ සැප්තැම්බර් 26 වන දින ලංවිම සභාපති ධුරයට පත් කරන ලදී.

'ක්ලීන් ශ්‍රී ලංකා' ක්‍රියාත්මක කරන්න නම් පළාත් පාලන ආයතන අනිවාර්යයි....ටිල්වින් කියයි..

'ක්ලීන් ශ්‍රී ලංකා' ක්‍රියාත්මක කරන්න නම් පළාත් පාලන ආයතන අනිවාර්යයි....ටිල්වින් කියයි..

ReeCha