නව බලශක්ති ඇමති වැඩ භාර ගනියි
නව බලශක්ති අමාත්‍යවරයා ලෙස පත්වූ අනුර කරුණාතිලක අද (21) සිය අමාත්‍යාංශයේ දී වැඩ භාරගන්නා ලදි .
එම අවස්ථාවට හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිද එක්ව තිබුණි .
අනුර කරුණාතිලක අමාත්‍යවරයා බලශක්ති අමාත්‍ය ධුරයට අමතරව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයේ ද කටයුතු කරනු ලබයි .
හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා, වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, අමාත්‍යංශ ලේකම් ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන් මෙම අවස්ථාවට සම්බන්ධ විය.