එමිරේට්ස් ගුවන් සමාගමෙන් විශේෂ දැනුම්දීමක්

Report

එමිරේට්ස් ගුවන් සමාගම නැවත දැනුම් දෙන තුරු සීමිත ගුවන් ගමන් කාලසටහනක් ක්‍රියාත්මක කරන බව නිවේදනය කරයි.

ඒ අනුව වාණිජ ගුවන් ගමන් ආරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා කලාපීය ගුවන් අවකාශය අර්ධ වශයෙන් නැවත විවෘත කිරීමෙන් පසුව මෙම කාලසටහන ක්‍රියාත්මක කරනු ඇත.

මාර්තු 5 සහ 6 යන දිනවල දී ගුවන් ගමන් 100 කට අධික සංඛ්‍යාවක් වුබායි සිට පිටත් වී නැවත පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ලංකාවත් උණුසුම් මුහුණුවරක් ගනී - මුහුදු යන්නේ බලාගෙනයි - ධීවර දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

ලංකාවත් උණුසුම් මුහුණුවරක් ගනී - මුහුදු යන්නේ බලාගෙනයි - ධීවර දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

මෙම ගුවන් ගමන් තම අවසාන ගමනාන්ත කරා ළගා වීමට අවශ්‍ය පුද්ගලයන් මෙන්ම නැවුම් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යනු ඇත.

එමිරේටස් ගුවන් සමාගම,ආරක්ෂාව සඳහා සැමවිටම ප්‍රමුඛතාවය ලබා දෙමින්, ගුවත් අවකාශය විවෘත වූ විට සියලුම මෙහෙයුම් අවශ්‍යතා සැපිරීමෙන් පසුව සිය ගුවන් ගමන් කාලසටහන ක්‍රමයෙන් නැවතගොඩනඟා ගන්නා බව තවදුරටත් පැවසීය.

අබුඩාබි අහසේ එකම ගිනිකෙළියක් - ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් නිසා එකම යුධ පිටියක්

අබුඩාබි අහසේ එකම ගිනිකෙළියක් - ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් නිසා එකම යුධ පිටියක්