ගාල්ල බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුමක් - අහුවුනුදේ මෙන්න

Report

ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරීන් විසින් සිදු කළ හදිසි වැටලීමකදී ජංගම දුරකථන ඇතුළු විවිධ තහනම් භාණ්ඩ රැසක් සොයාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සෝදිසි මෙහෙයුම අතරතුර රැඳවියන්ගේ කුටි තුළ ප්‍රවේශමෙන් සැඟව තිබූ ජංගම දුරකථන 05ක්, සිම් කාඩ් 08ක්, බැටරි 06ක්, ලයිටර් 15ක් සහ දුම්කොළ පැකැට් 23ක් ඇතුළු භාණ්ඩ අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට හැකි වී ඇත.

අත්අඩංගුවට ගත් මෙම භාණ්ඩ වැඩිදුර පරීක්ෂණ සහ ක්‍රියාමාර්ග සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත භාරදී ඇති බව වාර්තා වේ.

මෙවැනි තහනම් භාණ්ඩ බන්ධනාගාරය තුළට රැගෙන ඒම වැළැක්වීම සඳහා බන්ධනාගාර ආරක්ෂාව තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව මෙම සිදුවීමෙන් ඉස්මතු වී තිබේ.

අනතුරුදායක කඳුකරයේ තවමත් ඉවත් නොවූ ජනතාව - ජීවිත 10,000කට වැඩි ප්‍රමාණයක් අවදානමේ

අනතුරුදායක කඳුකරයේ තවමත් ඉවත් නොවූ ජනතාව - ජීවිත 10,000කට වැඩි ප්‍රමාණයක් අවදානමේ

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අත්අඩංගුවට

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ධම්මික රණතුංග අත්අඩංගුවට