මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටත්වෙන මගීන්ට හදිසි දැනුම්දීමක්

Report

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා මෙරටින් පිටත්වන ගුවන් මගීන්ගෙන් අය කෙරෙන ඩොලර් 60ක අපගමන බද්ද ඉවත් කර තිබේ.

මුදල් අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේකයක් නිකුත් කර ඇති අතර, ඒ අනුව හෙට් (29) සිට ලබන වසරේ ජූනි 26 වැනිදා දක්වා මෙම බද්ද අය නොකෙරෙනු ඇත.

මත්තල ගුවන්තොටුපළ වෙත ගුවන් සමාගම් සහ මගීන් ආකර්ෂණය කරගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

මෙමගින් මත්තල ගුවන්තොටුපළේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමට සහ එහි ගුවන් ගමන් වැඩි කිරීමට බලාපොරොත්තු වන බව සඳහන්ය.

සුළි කුණාටු ආපදා සහනය යොදාගෙන ඔන්ලයින් වංචාව ඉහළට - ලොකු අනතුරු ඇඟවීමක් - රැවටෙන්න එපා

සුළි කුණාටු ආපදා සහනය යොදාගෙන ඔන්ලයින් වංචාව ඉහළට - ලොකු අනතුරු ඇඟවීමක් - රැවටෙන්න එපා

මත්තල දියුණු කරන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

මත්තල දියුණු කරන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්