ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිඵලය අනුව පොහොට්ටුව තුන් ගුණයකින් ඉදිරියට එයි..මාලිමාව සහ දුරකථනය පහල බසී..

Election Commission of Sri Lanka National Peoples Party Sri Lanka Podujana Peramuna Samagi Jana Balawegaya Election
By Aruna Oct 27, 2024 04:33 AM GMT
Aruna

Aruna

Report

ඊයේ සිදු කරන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජාතික ජනබල වේගය හා සමගි ජන බල වේගයේ ඡන්ද ප්‍රතිශතයන් වල පහළ යාමක් පෙන්නුම් කරනවා.

මෙලෙස පසුබෑමක් දක්නට ඇත්තේ, පසුගිය සැප්තැම්බර් 21 වන දින පැවති ජනාධිපතිවරණ ප්‍රතිශතයන්ට සාපේක්ෂවයි.

ඒ අනුව, ජනාධිපතිවරණයේදී ඇල්පිටිය ආසනයෙන් ජාතික ජන බලවේගය 49.37% ඡන්ද ප්‍රතිශතයක් ලබා ජයගත් අතර මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඔවුන් හිමිකරගෙන ඇත්තේ 47.58%කි.

සමගි ජන බලවේගය පැවති ජනාධිපතිවරණයේදී 27.35% ප්‍රතිශතයක් ලබා ගත්තත් මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එය 21.8% දක්වා පහත බැස තිබීම දක්නට ලැබේ.

පසුගිය ජනාධිපතිවරණයේදී විශාල පරාජයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇල්පිටිය ආසනයේ දී ලබා ගත් ජන්ද ප්‍රතිශතය 3.56%ක්.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී එය 9.89% දක්වා වර්ධනය වී තිබීම ද විශේෂත්වයක්.

පසුගිය ජනාධිපතිවරණයට හා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කිරීමට කටයුතු කළේ නැත.